ශිෂ්‍යත්වයෙන් හොදම අධ්‍යාපන කලාපය කෑගල්ල

පළමු දෙවැනි හා  තෙවැනි ස්ථාන වසර තුනකදීම එකම කලාප තුනකට මෙවර මෙවර ශිෂ්‍යත්ව විබාගයට පෙනී සිට සිසුන් අතරින් එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 35 කට නොඅඩු ප්‍රශ්න පත්‍ර දෙකටම ලකුණු 70 කට වැඩියෙන් ලැබූවන්ගේ ප්‍රතිශතය අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කෑගල්ල අධ්‍යාපන කලාපය ය. ප්‍රතිශතය සියයට 89.58 කි. නිකවැරටිය ( 89.33% ) , දෙවැනි ස්ථානයටත් කුලියාපිටිය අධ්‍යාපන කලාපය (89.03 % ) තෙවැනි ස්ථානයටත් පත්ව ඇත.
පසුගිය වසරේදී කුලියාපිටිය (84.75%) නිකවැරටිය (84.33%) කෑගල්ල (84.05%) ලෙස පිළිවෙලින් ප්‍රථම, දෙවැනි , හා තෙවැනි ස්ථාන ලබා තිබේ.
ඊට පෙර වසරේදී (2012) නිකවැරටිය(81.55%) කුලියාපිටිය (78.75%)හා කෑගල්ල (78.04%) ලෙස පිළිවෙලින් පළමු , දෙවැනි හා තෙවැනි ස්ථාන ලබා ඇත. 
මෙහි විශේෂත්වය නම් මෙම වසර තුනේදීම මෙම අධ්‍යාපන කලාප තුන පළමු , දෙවැනි හා තෙවැනි ස්ථාන රදවා ගැනීමට සමත් වීමය.