2014/09/30

මෙවර 5 වසර සිහල දමිළ පළමු ස්ථාන දෙකම සබරගමුවට .දස වසක් තුළ හත්වෙනි තැන සිට පළමු තැනට සබරගමුව

 
මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සිංහල මෙන්ම දමිළ මාධ්‍ය ප්‍රථම ස්ථාන දෙකම සබරගමු පළාතේ පාසැල් දරු දැරියන් දෙදෙනෙකු හිමිකරගත්හ.

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුනු 199ක් ලබාගත් ඇඹිලිපිටිය ආදර්ශ ද්විතීයික පාසලේ වෙනුර නිම්සෙත් මුළු දිවයිනේම පළමු ස්ථානය හිමිකරගත් අතර මාවනැල්ල සහිරා මධ්‍ය මහා විද්‍යාලයේ මොහොමඩ් බිස්වාල් ෆාතිමා සාමා ලකුණු 197ක් ලබා දෙමළ මාධ්‍ය දිවයිනේ ප්‍රථමයා බවටත් සමස්ත විභාග ප්‍රතිඵල වලට අනුව දිවයිනේම තෙවෙනියා බවටත් පත්විය.